Click here to download the full report.
Executive Summary
Context: UN OHCHR states in a new report that the Government of Sri Lanka needs to take effective measures to ascertain and reveal the fates and locations of individuals who have been victims of enforced disappearance, and to ensure that those responsible are held accountable.
Minister of State for Finance Shehan Semasinghe said that the purpose of the Public Debt Management Bill is to transfer the responsibility of debt management to one central place and another objective of the Bill is to manage the country in such a way as to create debt sustainability.
The IMF said in a statement that the Executive Board approved the release of $336 billion to Sri Lanka as the third tranche under the Extended Credit Facility.
Verité Research,a Colombo-based research institute stated that out of the 63 commitments to be fulfilled by the end of last May under the International Monetary Fund’s (IMF) aid program, Sri Lanka has fulfilled only 32 commitments and Sri Lanka has failed to fulfil 16 commitments.
Recently Dr. Nishanda Mel, Executive Director of Verity Research stated that the IMF is becoming a problem rather than a solution to Sri Lanka’s economic crisis.
The annual budget progress review conducted by Verité Research revealed that 49.3 billion LKR had been allocated to the 25 highest value spending proposals included in the 2023 budget speech, but the government has failed to provide information on the progress of the budget promises that had allocated 43.8 billion LKR (i.e. 89%) of that amount.
The National Secretariat for NGOs Director General Sanjeewa Wimalagunarathna stated that managing the country’s NGOs poses a significant challenge for authorities due to the complexities involved in obtaining legal registration under different laws, hindering effective oversight and regulation. However, the Sri Lankan government has been attempting to bring in new laws to regulate NGOs for several years, and civil society organisations have been raising their concerns over the potential of these laws leading to repression of civil society and dissent groups.
There is a growing concern regarding President Ranil Wickremesinghe’s potential consultation with the Attorney General to seek advice on the feasibility of extending the current presidential term through a two-thirds majority vote.
The Supreme Court (SC) has ruled the Electricity Amendment Bill as incompatible with the Constitution, requiring a special majority in Parliament for its passage.
During the Electricity Bill debate, NPP parliamentarian Vijitha Herath said that the Sri Lanka Electricity Bill is an attempt by the government to hand over the country’s power sector to India’s Adani group, thus establishing a private sector monopoly in the electricity industry.
The SC has also determined the Gender Equality Bill that came into public debate due to the inclusion of SOGI to be in conflict with the Constitution in its entirety.
Secretary of the Ministry of Justice, Prison Affairs and Constitutional Reform M.N. Ranasinghe said that 2022-2024 will go down in history as the period in which the highest number of law reforms were carried out in Sri Lanka.
Case Updates: A High Court in Colombo ordered the temporary lifting of the foreign travel ban of Jeffrey Aloysius, the father of the former Central Bank (CBSL) chairperson, who is also the 6th accused in the CBSL bond scam.
Opposition political parties and civil society organisations filed special determination petitions in the SC contesting the constitutionality of the Economic Transformation Bill, highlighting its negative impact on worker rights, especially the rights of young people. They also claimed that the government failed to consult workers, trade unions, and young people, whom this bill will directly impact.
Delivering a landmark judgment regarding the extent of the executive president’s pardon power, the SC declared that the decision of former President Sirisena to pardon a murder convict, was arbitrarily and legally invalid.
The Fort Magistrate ordered four members of the Socialist Youth Union to appear before the Government Analyst in connection with the incident of trespassing and damaging the Temple Trees during the democratic people’s struggle.
Former Ratnapura District Secretary Malani Lokupothagama and the former OIC of the Ratnapura Police apologised to a journalist in the SC for an incident in which the journalist was attacked for allegedly wearing a hat into the District Secretary’s office.
Colombo Chief Magistrate dismissed the charges brought by the Cinnamon Garden Police against the President of the Medical and Civil Rights Professional Association of Doctors (MCPA), and any other leaders of civil organisations for placing a floral wreath in front of the residence of Rambukwella.
The Writ Petition brought by former Navy Commander Admiral-of-the-Fleet Wasantha Karannagoda against the Colombo High Court Trial-at-Bar on the alleged abduction and forced disappearance of 11 youths from Colombo in 2008 will be heard by a five-judge bench appointed by the Court of Appeal.
Click here to download the full report.
Repression of Media and Journalists: TV journalist Dhanushka Seneviratne was attacked by a group of unknown people at his accommodation in Kelaniya.
Repression of Freedom of Assembly: The Police fired water cannons to disperse a protest organised by unemployed graduates near the parliament.
A protest organised by school teachers and principals was also attacked by the police with water cannons and tear gas.
Repression of Activists and Whistleblowers: P. Deepachelvan, the President of the Tamil Literary Forum, underwent a 3-hour interrogation for the second occasion within a span of 2 months by the Counter Terrorism Investigation Division in Paranthan, in Kilinochchi district, regarding a fictional character in his second book titled “Terrorist.”
Repressive Policy and Legal Actions: By issuing a gazette notification under the Public Security ordinance, the President Wickremesinghe declared that all services connected to the supply of electricity and petroleum products and fuel as essential services in an attempt to prevent trade union actions enabled by trade unions related to said services.
The president also issued a gazette order calling on the armed forces to provide them with powers to intervene in civilian affairs. Similar gazettes have been frequently issued in recent years, indicating continuing militarization and repression of civil liberties in the country.
Other: The chairman of the Committee on Public Finance SJB Parliamentarian, Dr. Harsha De Silva, said before parliament that he was receiving unwarranted threats in relation to a visa issuing procedure worth millions of dollars.
It was reported that Water Supply and Plantation Infrastructure Minister Jeevan Thondaman and his mobs kept Kelani Valley Plantations CEO Anura Weerakoon and other official’s hostage and threatened them to reinstate two plantation workers who had been suspended, while demanding the company administration to increase the wages of plantation workers. The police allegedly did not take the necessary actions following the Minister’s involvement.
The minister had also threatened that the products of Kelani Valley Plantation Company would not be allowed to be presented at the Colombo Tea Auction.
Click here to download the full report.
ශ්‍රී ලංකාවේ විසම්මුතියේ මර්දනය 2024 ජුනි
සම්පූර්ණ වාර්තාව ඉංග්‍රිසි භාෂාවෙන් බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.
විධායක සාරාංශය
සන්දර්භය: ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලහත්කාරයෙන් අතුරුදහන් කළ වින්දිත පුද්ගලයන් ගේ ඉරණම සහ ඔවුන් සිටින තැන් තහවුරු කොට හෙළි කිරීමට සහ ඒවාට වගකිව යුතු අය වගවීමට පත් කිරීමට ඵලදායි පියවර ගත යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ අලුත් වාර්තාවක සඳහන් වේ. රාජ්‍ය ණය කළමනාකරණ පනතේ අරමුණ වන්නේ ණය කළමනාකරණයේ වගකීම එක මධ්‍යගත ආයතනයකට පැවරීම සහ ණය පිළිබඳව තිරසාර තත්වයක් නිර්මාණය කරන ආකාරයට රට කළමනාකරණය කිරීමයැයි ද මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ පැවසුවේය.
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 336 ක් නිකුත් කිරීමට තම විධායක මණ්ඩලය අනුමත කළ බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහන යටතේ මැයි මස අවසන් වන විට ශ්‍රී ලංකාව ලබා දුන් පොරොන්දු වූ 63න් ඉටු කර ඇත්තේ 32ක් වන අතර පොරොන්දු 16ක් ඉටු කර නැතැයි කොළඹ පමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූදයේ විසඳුමකට වඩා ප්රශ්නයක්ව ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය නිෂාන්ත ද මැල් පවසයි.
වෙරිටේ රිසර්ච් ආයතනයෙන් පවත්වන ලද වාර්ෂික අයවැය සමාලෝචනයෙන් 2023 අයවැය කතාවෙන් වැඩිම වටිනාකමෙන් යුත් වියදම් යෝජනා 25ක් සඳහා රු.බිලියන 49.3ක් වෙන් කර ඇති නමුත් අයවැය පොරොන්දුවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබා දීමට ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි ද වෙන් කර ඇත්තේ රු. බිලියන 43.8 ක්(89% ) පමණක්යැයි හෙළිවේ.
විවිධ නීති යටතේ නිත්‍යානුකූල ලියාපදිංචිය සම්බන්ධයෙන් පවතින සංකීර්ණතා නිසා රටේ රාජ්‍ය නොවන සංවිධාන කළමනාකරණය බලධාරීන්ට සැලකිය යුතු අභියෝගයක්වී ඇතිවීමෙන් කාර්යක්ෂමව අධීක්ෂණය සහ නියාමනයට බාධාවක්ව ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යංශයේ අධ්යක්ෂ ජනරාල් සන්ජීව විමලගුණරත්න කීවේය. ශ්‍රී ලංකාණ්ඩුව වසර ගණනාවක් තිස්සේ රා.නො.සං. නියාමනය කිරීමට නව නීති ගෙන ඒමට උත්සාහ කරන නමුත් සිවිල් සමාජ සංවිධාන මෙම නීති සිවිල් සමාජය සහ විසම්මුති කණ්ඩායම් මර්දනය කිරීමට යොදා ගැනීමට හැකියාව ඇතැයි කණස්සල්ල පළ කරති.
දැනට පවතින ජනාධිපති ධුර කාල සීමාව තුනෙන් දෙකක බහුතරයකින් දීර්ඝ කර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නීතිපති ගේ උපදෙස් ලබා ගැනීමට සූදානම් වන්නේයැයි කණස්සල්ල වැඩි වෙමින් පවතී.
විදුලි බල සංශෝධික පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව පෙන්වා දී ඇත. විදුලි බල පනත පිළිබඳ විවාදයේ දී එම පනත ශ්‍රී ලංකාවේ බල ශක්ති අංශය ඉන්දියාවේ අදානි ව්‍යාපාරයට භාර දීමේ උත්සාහයක්යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී විජිත හේරත් කීවේය. එමගින් විදුලිබල ක්ෂේතු යේ පුද්ගලික ඒකාධිකාරියක් පිහිටුවනු ඇත.
SOGI ඇතුළත් කිරීම නිසා මහජයා අතර විවාදයට ලක් වූ ස්ත්‍රීපුරුෂ සමාජ භාවීය සමානතා පනත සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන්නේයැයි ශ්රේෂ්ඨාධිනරණය තීරණය කෙළේය. 2022-2024 කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ වැඩිම සංශෝධන සංඛ්‍යාවක් සිදු කළ කාලයක් සේ ඉතිහාසයට එක්වනු ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුන්රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍යංශයේ ලේකම් ඇම් ඇන් රණසිංහ කීවේය.
සම්පූර්ණ වාර්තාව ඉංග්‍රිසි භාෂාවෙන් බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.
නඩු යාවත් කාලීන කිරීම්: .කොළඹ මහාධිකරණය හිටපු මහ බැංකුවේ අධිපති ගේ පියා ජෙප්රි ඇලෝසියස් ගේ විදෙස් සංචාර තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කෙළේය. ඔහු මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ හය වැනි චූදිතයාය.
විපක්ෂයේ දේශපාලන පත්ෂ සහ සිවිල් සමාජ සංවිධාන ආර්ථික පරිවර්තන පනතේ ව්‍යවස්ථානුකූල භාවය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කළහ. ඔවුන් අවධාරණය කළ එක් කරුණක් වූයේ ඉන් විශේෂයෙන්ම තරුණ ජනයාට ඇති කරන බලපෑමයි. මෙම පනතින් සෘජු බලපෑමක් ඇති කරන කම්කරුවන්, වෘත්තීය සමිති සහ තරුණ ජනතාව පනත කෙටුම්පත් කිරීමේ දී විමසා නැතැයි ඔවුහු පෙන්වා දෙති.
විධායක ජනාධිපති ගේ බලතල ගැන ඓතිහාසික නඩු තින්දුවක් ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති සිරිසේන මරණ දඬුවම නියම වූවෙකුට ලබා දුන් සමාව හිතුවක්කාර සහ නීතිමය වලංගුතාවයක් නැතැයි ප්‍රකාශ කෙළේය.
ප්රජාතන්ත්රවාදි අරගල සමයේ අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවී හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජවාදි තරුණ සංගමයේ සාමාජිකයන් සිවු දෙනෙකු ආණ්ඩුවේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන්නැයි කොටුව මහෙස්ත්‍රාත් නියෝග කෙළේය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තොප්පියක් පැළඳ සිටියේයැයි ජනමාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර හිටපු දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතගම සහ රත්නපුර පොලීසියේ ස්ථානභාර නිලධාරි ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වැඳ ජනමාධ්‍යවේදියාගෙන් සමාව ගත්හ.
රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වාත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති සහ තවත් සිවිල් සංවිධානවල නායකයන්ට එරෙහිව කුරුඳුවත්ත පොලීසියෙන් ගොනු කර තිබු නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉවත දැමුවේය.
2008 කොළඹ දී තරුණයින් 11ක් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය ගැන ඔහු විසින් ඉදිරිපත් කළ රිට් අයැදුම් පත අභියාචනාධිකරණයෙන් පත් කරන විනිශ්චයකරුවන් පස් දෙනෙකුගේ මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගනු ඇත.
මාධ්‍ය සහ ජනමාධ්‍ය වේදීන් මර්දනය: රූපවාහිනි ජනමාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්නට කැළණිය ඔහුගේ නවාතැනේ දී නාඳුනන කණ්ඩායමක් විසින් පහර දී ඇත.
රැස්වීමේ නිදහස මර්දනය: රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තුව අසළ සංවිධානය කළ විරෝධතාවයක් පොලීසිය ජල ප්‍රහාර එල්ල කොට විසිරුවා හරින ලදී. පාසල් ගුරුවරුන් සහ විදුහල්පතීන් සංවිධානය කළ විරෝධතාවයක් ද පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට විසිරුවා හරින ලදී.
ක්රියාකාරිකයන් සහ තොරුතුරු හෙළිකරන්නන් මර්දනය: දෙමළ සාහිත්‍ය සංසදයේ සභාපති පී. දීපචෙල්වම් මාසයක් ඇතුළත දෙවැනි වරටත් ඔහුගේ දෙවන නිර්මාණ කෘතිය වන‘‘ත්රස්තවාදියා“ හි ඇති චරිතයක් ගැන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කරන ලදී.
මර්දනකාරී ප්‍රතිපත්ති සහ නීති පියවර: ජනාධිපති වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් විදුලි බලය, පෙට්‍රෝලියම් නිෂ්පාදන සහ ඉන්ධන සැපයුම් අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කොට අදාල අංශවල වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමෙන් වැළැක්වීමට උත්සාහ ගත්තේය.
ජනාධිපති සන්නද්ධ හමුදාව සිවිල් වැඩ කටයුතුවල යොදා ගැනීමට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙළේය. මෑත වසරවල එවැනි ගැසට් නිවේදන නිරන්තරයෙන්ම නිකුත් කිරීමෙන් හමුදාකරණයට ලක්වීමේ සහ රටේ සිවිල් නිදහස මර්දනය කිරීමේ ප්රවනතාවයක් පවතින බව පෙන්නුම් කරයි.
වෙනත්: රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා තමා ඩොලර් මිලියන ගණනක් වන වීසා නිකුත් කිරීමේ ක්‍රියාවයේ දූෂණ ගැන කතා කිරීම නිසා අනවශ්‍ය තර්ජන එල්ල වී ඇතැයි පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කෙළේය.
ජල සැපයුම් සහ වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොන්ඩමාන් සහ ඔහුගේ මැර කණ්ඩායමක් කැළණි වැලි වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුර වීරකෝන් සහ තවත් නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන වැඩ තහනමට ලක්ව ඇති සේවකයින් දෙදෙනෙකු ආපසු සේවයේ පිහිටුවන ලෙස තර්ජනය කොට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස සමාගමේ පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් පසුව පොලිසිය අවශ්‍ය කටයුතු සිදු නොකෙළේයැයි චෝදනා ඉදිරිපත්ව ඇත. කැළණි වැලි වතු සමාගමේ නිෂ්පාදන කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බවට ද ඇමතිවරයා තර්ජනය කර ඇත.
Comments